දේශීය

සියලු කතෝලික පාසල්වලට 21 නිවාඩු දිනයක්

(UTV | කොළඹ) – සියලු කතෝලික පාසල්වලට මෙම 21 වැනි දා නිවාඩු ලබාදෙන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේය.   

ඒ කොළඹ අගරදගුරු නිල නිවසේදී දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

එමෙන්ම එදින පෙරවරු 08 යි 45 සිට විනාඩි 02 ක නිහඩතාවයක් අනුගමනය කරන ලෙසටද කාදිනල් හිමිපාණන් ඉල්ලීමක් කළේය.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය සිය ඥාතීන් සිහිකර සැමරුම් අවස්ථා රැසක් සංවධානය කර ඇති බැවින් එම අවස්ථාවට එක් වීම සඳහා කතෝලික සභාව මගින් පාලනය වන සියලු කතෝලික පාසල්වලට එම නිවාඩුව ලබා දෙන බව ද අගරදගුරුතුමන් සඳහන් කරයි.

Related posts

සරසවි සිසුවිය දූෂණය කළ තරුණයාට වසර 16ක සිරදඬුවමක්

Mohamed Dilsad

සුනාමියෙන් මිය ගිය අය සිහිපත් කර හෙට නිහඬතාවය රකින්න [VIDEO]

Mohamed Dilsad

කෝටි 20 ක රත්තරන් කටුනායක දී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment