දේශීය

අප්‍රේල් 27 සියලු විශ්වවිද්‍යාල විවෘතයි – අගෝස්තු පාසැල් නිවාඩුව සතියයි

(UTV | කොළඹ) – දිවයිනේ සියලූම විශ්වවිද්‍යාල අප්‍රේල් 27 වන අගහරුවාදා අධ්‍යයන කටයුතු සඳහා නැවත විවෘත කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සඳහන් කළේය.   

සෞඛ්‍ය නිර්දේශවලට දැඩි ලෙස අනුගත වෙමින් විශ්වවිද්‍යාල විවෘත කෙරෙනු ඇත.

නේවාසිකාගාර විවෘත කිරීමේ දී ගැටලුවක් පවතින බැවින් විශ්වවිද්‍යාල ආරම්භයේ දී 4 වන හා 3 වන වසරේ සිසුන් පමණක් ගෙන්වා ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන් පසුව පළමු හා දෙවන වසරේ සිසුන් සඳහා පන්ති ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර 2021 අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව මෙවර සතියකට සීමා කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

විෂය මාලා ආවරණය කර ගැනීමට ඇති අවශ්‍යතාවය මත එම තීරණය ගෙන ඇත.

මෙවර උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 4 වන දින සිට ඔක්තෝබර් 30 වන දා දක්වා පැවැත්වෙන බවත්, ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 3 වන ඉරිදා දිනයේදීත් පැවැත්වේ.

අපොස සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ ජනවාරි අවසන් සතියේ පැවැත්වෙන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Related posts

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට – ඡන්ද රාජකාරියට ලක්ෂ 02ක කාර්ය මණ්ඩලයක්

Mohamed Dilsad

Cap Snap Lanka ජාතික තත්ත්ව සහ ඵලදායීතා සම්මේලනයේදී රන් සම්මාන හතරක් දිනයි

Editor O

පුජිත් – හේමසිරි නිදහස් කිරීමට එරෙහි අභියාචනය ගැන අධිකරණ නියෝගය

Mohamed Dilsad

Leave a Comment