විදෙස්

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේ වැරදිකරු ලෙසට සුදු ජාතික පොලිස් නිලධාරියා තීන්දු කරයි

(UTV | අමෙරිකාව) – අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් සුදු ජාතික පොලිස් නිලධාරි ඩෙරික් ෂෝවින් වරදකරු බවට තීන්දු කර ඇත.   

පසුගිය වසරේ අමෙරිකාවේ මිනියාපොලිස් ප්‍රදේශයේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව අදාළ පොලිස් නිලධාරියා ඔහුගේ ගෙල ප්‍රදේශයට දණහිස තබා මරණයට පත්කිරීමේ චෝදනාවට වරදකරු තකර ඇති බව සඳහන් වෙයි.

මෙම ඝාතනය 2020 වසරේ මැයි මස 20 වෙනිදා සිදුවූ අතර එමගින් ලොවපුරා දැඩි විරෝධතා රැල්ලක් ඇතිවිය.

අදාළ නඩු විභාගය සති කාලයක් පැවැති අතර එහි තීන්දුව 12 දෙනෙකුගෙන් යුත් ජූරි සභාව මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඒ අනුව , ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේ චූදිතයා වන පොලිස් නිලධාරි ඩෙරික් ඩාවින්ට එරෙහිව නගා ඇති චෝදනා 03ට වරදකරුවන් බවට පත්කරමින් එරට අධිකරණයක් විසින් ඔහුට වසර 75ක සිරදඬුවමක් නියම කර ඇත.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමග අධිකරණයෙන් පිටත රැස්ව සිටි ජනතාව හඬ නගමින් සිය සතුට ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

Related posts

නයිජර් දේශ සීමාවේ හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් 83 ක් මරුට

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසධිතයින් 77 ලක්‍ෂ 39දහස ඉක්මවයි

Mohamed Dilsad

අධිබල ලේසර් ප්‍රහාරක අවියක් ඇමරිකානු නාවික හමුදාව අත්හදා බලයි

Mohamed Dilsad

Leave a Comment