ක්‍රීඩා

රෝහිත් ශර්මාට ලක්ෂ 12 ක දඩයක්

(UTV | ඉන්දියාව) – දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (20 වැනිදා) පැවැති IPL තරගයේදී නියමිත වේලාවට ඕවර සංඛ්‍යාව යැවීමට අසමත් වීම හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක දඩයක් ගෙවීමට තරග තීරකවරයා නියම කර ඇත.   

මෙවර තරගාවලියේදී ශර්මා මෙවන් වරදකට හසුවූ පළමු අවස්ථාව මෙය වන අතර එම තරගයේදී දිල්ලි කණ්ඩායම හමුවේ මුම්බායි කණ්ඩායම කඩුලු 6 කින් පරාජයට පත් විය.

අයි.පී.එල්. තරගාවලියේ නීති රීති වලට අනුව පළමු වරට කණ්ඩායමක් නියමිත වේලාවට ඕවර සංඛ්‍යාව යැවීමට අසමත් වන්නේ නම් එම කණ්ඩායමේ නායකයාට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක මුදලක් දඩ වශයෙන් ගෙවීමට සිදුවනු ඇත. දෙවැනි වරටත් එම වරදටම හසුවන්නේ නම් නායකයාට ඉන්දීය රුපියල් ලක්ෂ 24 ක්ද, කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 6 ක් හෝ තරග මුදලින් 25% ක්ද දඩ ලෙස ගෙවීමට සිදුවනු ඇත.

යම් හෙයකින් තරගාවලිය තුළ කණ්ඩායමක් තෙවැනි වරටත් නියමිත වේලාවට ඕවර සංඛ්‍යාව යැවීමට අසමත් වන්නේ නම් කණ්ඩායමේ නායකයාට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක දඩ මුදලක් ගෙවීමට සිදුවන අතර තරගයක් තහනම් වනු ඇත.

ඒ අනුව එම කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක් හෝ තරග මුදලින් 50% ක් දඩ වශයෙන් ගෙවීමට සිදුවේ.

Related posts

එංගලන්ත ලිවර්පූල් පාපන්දු කණ්ඩායම මිල දී ගැනීමට මුකේෂ් අම්බානි සූදානම්

Mohamed Dilsad

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (28) සවස

Editor O

ලෝක කුසලානයට කණ්ඩායමේ නායකත්වය ගැන මෙල්ගෙන් ඉඟියක්.

Mohamed Dilsad

Leave a Comment