දේශීය

යාපනය පොලිසියේ කොරෝනා ආසාදිතයන් ඉහළට

(UTV |යාපනය) – යාපනය පොලිස් නිළධාරීන් 11 දෙනෙකු ඇතුළුව උතුරු පළාත තුළින් ඊයේ (21) දිනයේ පුද්ගලයින් 21 දෙනෙකු වෙත කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.   

උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ.කේදීශ්වරන් පැවසූවේ පසුගිය දින කිහිපයේදී යාපනය පොලිසියේ නිළධාරීන් 15 දෙනෙකු වෙත වෛරසය ආසාදනය වී ඇති බවයි.

උතුරු පළාතේ නැවත වතාවක් කොවිඩ් රෝගීන් වාර්තාවීමේ යම් වර්ධනයක් පවතින බැවින් ජනතාව දැඩි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් අවධාරණය කළේය.

මේ අතර , ගම්පහ, දිවුලපිටිය මැල්ලවගෙදර ප්‍රදේශයෙන් ද පුද්ගලයින් 44 දෙනෙකුට කොවිඩ -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

අදාළ පුද්ගලයින් පසුගිය දිනක අලුත්නුවර ප්‍රදේශයේ විනෝද චාරිකාවකට සහභාගී වූ පිරිසක් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

 

Related posts

දැනුම් දෙන තෙක් සියලු උත්සව-වන්දනා සහ විනෝද චාරිකා තහනම්

Mohamed Dilsad

ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම සහ අවසාන විභාග සහතික online ක්‍රමයට

Mohamed Dilsad

සබරගමු සරසවියේ පළමු වසර සිසුන්ගේ අධ්‍යන කටයුතු සඳුදා ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment