විදෙස්

සේවකයන් 53 ක් ද සමඟ ඉන්දුනීසියාවේ සබ්මැරීනයක් අතුරුදන්

(UTV | ඉන්දුනීසියාව) – සේවක මණ්ඩලයේ 53 දෙනෙක් ද සමග ඉන්දුනීසියාවේ නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් ගැඹුරු මුහුදේ දී අතුරුදන් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.   

එය සොයාගැනීම සඳහා මේ වන විට මෙහෙයුමක් අරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම සබ්මැරීනය බාලි දූපතට උතුරින් ගැඹුරු මුහුදේ අභ්‍යාසයකට එක්වීමෙන් අනතුරුව නැවත පැමිණ නැත.

ජර්මනියේ නිෂ්පාදිත සබ්මැරීනය සොයාගැනීම සඳහා ඉන්දුනීසියානු බලධාරීන් ඔස්ට්‍රේලියාවේ සහ සිංගප්පුරුවේ සහය ද ඉල්ලා තිබේ.

 

Related posts

නරේන්ද්‍ර මෝදි අද ඊශ්‍රායලයට

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා අසාදිතයින් ලක්ෂ 20 ඉක්මවයි

Mohamed Dilsad

කැනඩාවේ වාර්තාගත උෂ්ණත්වයකට 130 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment