ක්‍රීඩා

එංගලන්තය තේරීම් කමිටු ක්‍රමවේදය අහෝසි කරයි

(UTV |එංගලන්තය) – එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සිය ජාතික පිරිමි කණ්ඩායම් තේරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කිරීමට තීරණය කර ඇත.   

ඒ අනුව මෙතෙක් පැවැති ජාතික තේරීම් නිළධාරී ධූරය (national selector) අවලංගු කිරීමටයි තීරණය කර ඇති අතර , ඒ වෙනුවට ජාතික පිරිමි සංචිත තේරීමේ වගකීම ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් වෙත පවරා තිබේ.

ඒ අනුව ජාතික තේරීම් නිළධාරීවරයා ලෙස 2018 වසරේ සිට මේ දක්වා කටයුතු කරන Ed Smith මෙම මාසය අවසානයේ දී සිය ධූරයෙන් ඉවත් වීමට නියමිතයි.

ක්‍රීඩා කරන අවසන් 11 දෙනාගේ කණ්ඩායම තේරීම කණ්ඩායමේ නායකයා සහ පුහුණුකරු එක්ව සිදු කරනු ඇති.

Related posts

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අවසන් කණ්ඩායම මෙන්න

Mohamed Dilsad

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් 20-20 ක්‍රිකට් තරඟය අද (13) රෑ 07ට ඇරඹේ

Editor O

අප්‍රිකාව සමග එක්දින තරගාවලියට සංචිතය නම් කෙරේ..

Mohamed Dilsad

Leave a Comment