දේශීය

රිෂාඩ් සහ සහෝදරයා නිදහස් කරන්නැයි ඉල්ලා වව්නියාවේ ජනතාව වීදි බසී [VIDEO]

(UTV | වව්නියාව) – ප්‍රජාතන්ත්‍ර විරෝධීව අත්අඩංගුවට ගෙන ඇති, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා වහා නිදහස් කරන ලෙස බල කරමින් ජනතා විරෝධතාවක් අද (28) වව්නියාව ප්‍රදේශයේදී පැවැත්විය.   

කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මුව ආවරණ පැළැඳ, දුරස්ථභාවය ආරක්ෂා කරමින් එම විරෝධතාව පැවැත්විණ.

මෙහිදී විරෝධතාකරුවන් චෝදනාකර කර සිටියේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් ආකාරය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවත්, පළිගැනීම සඳහා කළ අයුක්ති සහගත අත්අඩංගුවට ගැනීමක් බවත්ය.

පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්දයක් නොමැති බවට තහවුරු වී තිබියදී, විවිධ පාර්ශ්වයන්ගේ දේශපාලන වුවමනාවක් ඉටු කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවත්, ජනතාවට සේවය කිරීමට කැපවී සිටින මෙවැනි ජනතාවාදී නායකයන් අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටකට නොගැලපෙන බවද විරෝධතාකරුවෝ සඳහන් කරයි.

විරෝධතාවය පැවැත්වෙන අතරතුර එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින්, විරෝධතාවය නතර කරන ලෙස දැන්වීම හේතුවෙන් විරෝධතාව අතරමග නතර කර දැමීමට විරෝධතාකරුවන්ට සිදුවූහ.

 

 

 

Related posts

රංජන්ට අද සවස අලුත් තනතුරක්

Mohamed Dilsad

තවත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 5 කට සංචරණ සීමා

Mohamed Dilsad

පක්ෂ මහලේකම් ධූරය අතහැරීමට අකිල සූදානමින්

Mohamed Dilsad

Leave a Comment