දේශීය

රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර පහසුකම් ඉහළ දැමීමට පියවර

(UTV | කොළඹ) – රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර පහසුකම් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  

එසේම අවශ්‍ය වුවහොත් තෝරාගත් සංචාරක හෝටල් ද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කරන බව ‍ද ඔහු සඳහන් කළේය.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති වේයැයි අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසට යුද හමුදාපතිවරයා ඉල්ලා සිටියි.

ඔහු කියා සිටියේ මේ වනවිටත් රෝහල් පද්ධතිය තුළ අවශ්‍ය ධාරිතාව වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි.

Related posts

එල්ලවූ සයිබර් ප්‍රහාරය පිළිබඳ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

Editor O

මාලිමා ආණ්ඩුව වැටුප් වැඩි කළේ නෑ, තිබුණ වැටුපත් කපලා…! – මහින්ද පතිරණ

Editor O

අද ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment