දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

(UTV | කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ නාම්පමුණුව සහ ගොරකාපිටිය යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම, ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ගොඩහේන සහ තල්ගස්ගොඩ යන ග්‍රාම නිලධාරී වසම් ද මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙනු ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය සහ කදිරාපුර ග්‍රාම නිලධාරී වසම් ද මෙලෙස හුදෙකලා කර ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කර ඇති බව යුධ හමුදාපතිවරයා නිවේදනය කරයි.

Related posts

නව කොරෝනා රෝගීන් 11දෙනා ගැන තොරතුරු රැසක්

Mohamed Dilsad

මැතිවරණයට එරෙහි පෙත්සම් විභාග කිරීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Mohamed Dilsad

ද.අමෙරිකාවේ හෝ ද.අප්‍රිකාවේ සංචාරය කල කිසිවෙකුට ලංකාවට ඇතුලුවීම තහනම්

Mohamed Dilsad

Leave a Comment