දේශීය

ප්‍රධාන තැපැල් කාර්යාල 4 ක් වැසේ

(UTV| කොළඹ) – තැපැල් සේවකයින් 40 කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.   

මේ හේතුවෙන් කොම්පඤ්ඤ වීදිය, පානදුර කෙසෙල්වත්ත, හා ත්‍රිකුණාමලය ප්‍රධාන තැපැල් කාර්යාල වසා දමා ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් උප තැපැල් කාර්යාල 22 ක් ද තාවකාලිකව වසා දමා ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

රාජිත රණසිංහ මහතා පැවසුවේ, දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල තැපැල් කාර්යාල කටයුතු ක්‍රියාත්මක නොවන බවයි.

Related posts

ආදාහනයට අවසර ලබාදීමට ගත් තීරණය පිළිබඳ පසුබැස්මට එක්සත් ජනපදයේ කණගාටුව

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ සදහා අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් නතර කෙරේ

Mohamed Dilsad

ප්‍රදේශ තුනකින් කොවිඩ් මරණ වාර්තා වේ

Mohamed Dilsad

Leave a Comment