දේශීය

පළාත් අතර සංචරණ සීමා පැනවීමේ අවදානම

(UTV | කොළඹ) – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනු ලබන්නේ මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළ යෑමෙන් පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවිය හැකි බවයි.

කෙසේ වෙතත් අවසන් තීරණය ගනු ලබන්නේ වාර්තාවන රෝගීන් තත්වය සැළකිල්ලට ගනිමින් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රචාරය කළ ලිපිය පහතින්.

වෛරස වසංගත වල දක්නට ලැබෙන විශේෂ කාරණයක් වෙන්නේ කාලයත් සමග එහි ස්වරුපයේ සිදුවන වෙනස්වීම්. වෛරස වල එක ප්‍රෝටීනයක වෙනස්වීමකින් පවා එහි හැසිරීමෙහි සැලකිය යුතු වෙනසක් සිදුවෙන්න පුළුවන්. මෙවැනි වෙනස්වීම් නිසා වෛරසය බෝ වීමේ වේගය වැඩිවිය හැකියි. ඒ වගේම වෛරස ආසාදනයෙන් ඇතිවන රෝගයේ බරපතලකම වැඩි වෙන්නත් පුළුවන්.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන COVID19 වෛරස අතරෙහි ද B.1.1.7 ඇතුළු විවිධ නව ප්‍රභේද හඳුනාගෙන තියෙනවා. වෙනදාට වඩා රෝගය වේගයෙන් පැතිර යාමට වගේම වඩා බරපතළ රෝග ලක්ෂණ ඇති වීමට හේතුව මෙය වෙන්න පුළුවන්.

කාලයක් ලොව පුරා සිදුකරන ලද අධ්‍යයන වලට අනුව යම් ස්ථානයක කොවිඩ් වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යාමට හේතු වන ප්‍රධාන සාධක තුනක් තියෙනවා. නව කොවිඩ් ප්‍රභේද වලටද මේ සාධක පොදුයි. ප්‍රභේදය කුමක් වුවත් ඔබට ආරක්ෂා වීමට කල යුත්තේ එම අවදානම් සාධක සහිත ස්ථාන නිවැරදිව හඳුනාගෙන ඒවා මගහැරිමයි.

මේ කොවිඩ් අවදානම වැඩි කරන සාධක මොනවාද ?
1. අධික සෙනගක් රැදෙන ස්ථානයක් වීම – යම් ස්ථානයක ගැවසෙන සෙනග වැඩි වීමත් සමගම COVID ආසාදිත පුද්ගලයෙකු හිඳීමේ සම්භාවිතාව වැඩිවෙනවා, කොවිඩ් පැතිරීමේ අවදානම අධික ලෙස වැඩිවෙනවා.

2. සෙනග එකිනෙකා සමීපයෙන් ගැවසෙන ස්ථාන වීම – විශේෂයෙන්ම එකිනෙකා ආසන්නයේ සිටිමින් කතා බහෙහි යෙදෙන හා අහාර පාන ලබා ගන්නා අවස්ථා.

3. හොඳින් වාතාශ්‍රය නොලැබෙන සංවෘත අවකාශයක් වීම – සංවෘත අවකාශ තුළදි කොවිඩ් වෛරසය පැතිර යාමේ සීඝ්‍රතාවය එළිමහන් අවකාශවලට සාපේක්ෂව පැහැදිලිවම වැඩි බවක් දක්නට ලැබෙනවා. නිතර කතාබහට ලක් නොවුනත් මෙය කොවිඩ් ව්‍යාප්තියට බලපාන තවත් ඉතාමත්ම ප්‍රබල සාධකයක්. ඔබ සිටින ස්ථානයක ඉහත සාධක තුනෙන් එකක් හෝ පවතී නම් එහි COVID පැතිරයාමේ ප්‍රවනතාවය අන් ස්ථානවලට සාපේක්ෂව වැඩියි. යම් ස්ථානයක මෙම සාධක එකකට වඩා පවතීනම්, එවන් ස්ථානවල COVID ව්‍යාප්තිය ඊටත් වඩා සීඝ්‍රයෙන් සිදුවිය හැකියි.

එනිසා මෙවැනි ස්ථාන හැකිතාක් දුරට මඟහැරිය යුතුයි. යම් අත්‍යවශ්‍ය හේතුවකට එවැනි ස්ථානයකට යාමට සිදුවුවහොත්, එතැන ගත කරනා කාලය හැකිතාක් දුරට අවම කරගැනීම මගින් අවදානම යම්තාක් දුරකට අඩු කරගන්න පුලුවන්. විශේෂයෙන්, මේ වගේ අධි අවදානම් කාලයක, මේ සාධක වලින් එකක් හෝ ඇති ස්ථාන හැකිතාක් මග හැරිය යුතු වෙනවා.

ඒ වගේම, දෑත් නිතර පිරිසිදුව තබා ගැනීම හා නියමිත ආකාරයෙන් මුව ආවරණ පැලදීම මඟින් COVID සම්ප්‍රේෂණ අවදානම බොහෝ දුරකට අඩුකර ගත හැකියි.

 

 

Related posts

අගමැතිගේ සුබ පැතුම

Mohamed Dilsad

ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව හෙට සිට

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment