ක්‍රීඩා

ක්‍රිකට් තරගාවලිය අහිමි වෙන බංග්ලාදේශ ප්‍රබලයින් දෙදෙනා

(UTV|බංග්ලාදේශ ) – ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ෂකිබ් අල් හසන්ට සහ මුෂ්ටර්ෆිසූර් රෙහමාන්ට සූදානම්වීමට කාලයක් නොමැති බව වාර්තා කරයි.

එයට හේතුව වන්නේ බංග්ලාදේශ රජය විසින් පනවා ඇති නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව දින 14ක කාලයක් නිරෝධායනය වීම අතවශ්‍ය බවයි .

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ නිරෝධායන කාලය සීමා කරදෙන ලෙසට එරට ක්‍රිකට් ආයතනය රජයෙන් ඉල්ලීමක් කළ ද එය ප්‍රතික්ෂේප වී ඇති බව තහවුරු වේ.

ඉන්දියාවේ සිට බංග්ලාදේශ දක්වා ගුවන් ගමන් සිදු නොවන අතර ඔවුන් දෙදෙනා ඉදිරි දින කිහිපයේදී බංග්ලාදේශය වෙත ගෙන්වා ගැනීමට ක්‍රමවේදයක් සලසන බවට මාධ්‍ය වාර්තා වල සඳහන් කරයි.

 

Related posts

සුරංග හා දික්වැල්ල ශ්‍රේණීගත කිරිම්හි ඉදිරියට..

Mohamed Dilsad

අහ්මඩ් ඛාන්ට වසර 5 ක ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

අද දෙවැනි ටෙස්ට් තරඟයට එන අවසන් 11 දෙනා

Mohamed Dilsad

Leave a Comment