දේශීය

බස්නාහිර පදිංචිකරුවන්ට සයිනොෆාම් එන්නත් ලබාදීම අදින් ඇරඹේ

(UTV| කොළඹ) – බස්නාහිර පදිංචිකරුවන්ට සයිනොෆාම් එන්නත් ලබා දීමේ විශේෂ වැඩසටහන ත්‍රිවිධ හමුදාවේ ද සහයෝග ඇතිව අද (11) ආරම්භ කෙරේ.   

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ දෛනිකව පුද්ගලයින් 30,000 කට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමට මෙමගින් සැලසුම් කර ඇති බවයි.

විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ ඉහළ යන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරිම සඳහා මේ වනවිට රෝහල් ධාරිතාව ඉහළ නංවමින් සිටින බවය.

මේ අතර කොළඹ නගරයේ ස්ථාන 08 ක සයිනොෆාම් කොරෝනා මර්දන එන්නත් ලබාදීම අද සිදු කරන බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවාය.

ඊ චැනල් සේවාව මගින්ද ඒ සඳහා වෙලාවක් වෙන් කරවා ගත හැකි බව ඇය ප්‍රකාශ කළාය.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මේ වනවිට පුද්ගලයින් 23,575 කට ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මීට අමතරව , ශ්‍රී ලංකාවේදී ඇස්ට්‍රා-සෙනෙකා එන්නතේ මාත්‍රා 02 ම ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 02 ඉක්මවා ගොස් ඇත.

ඊයේ දිනයේදී තවත් පුද්ගලයන් 14 ,972 දෙනෙකුට දෙවන මාත්‍රාව ලබාදී තිබුණි.

ඒ අනුව ශ්‍රී ලංකාවේදී ඇස්ට්‍රා – සෙනෙකා එන්නත පූර්ණව ලබාගත් සංඛ්‍යාව දෙලක්ෂ 11 , 518 දක්වා ඉහළ යනු ඇති.

Related posts

පළාත් පාලන මැතිවරණයට එරෙහිව පෙත්සමක්

Mohamed Dilsad

ගෑස් මිල ගැන ගත් තීරණය

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 8,018 ක් නැවත සේවයට

Mohamed Dilsad

Leave a Comment