විදෙස්

ඇමරිකාවේ ළමුන්ටත් කොවිඩ් එන්නතට අවසර හිමිවෙයි

(UTV | ඇමරිකාව) – ඇමරිකාවේ නිෂ්පාදිත Pfizer BioNTech කොවිඩ් මර්දන එන්නත වයස අවුරුදු 12-15ත් අතර ළමුන් සඳහා ලබාදීමට ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය (FDA ) අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

වයස අවුරුදු 12-15 අතර ළමුන් 2,260 ක් සම්බන්ධ කරගෙන ෆයිසර් සහ බයෝ එන්ටෙක් විසින් කරන ලද සායනික පරීක්ෂණයකින් පසුව මෙම තීරණය ගෙන තිබෙන බව එම වාර්තා සඳහන් කරයි.

මේ අතර පසුගිය සතියේ ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් ජූලි 4 වන විට ජාතියේ ජනගහනයෙන් 70% කට අවම වශයෙන් එක් එන්නතක් ලබාදීමේ සැලසුමක් ප්‍රකාශයට පත් කර ඇත.

Related posts

බෝම්බ ප්‍රහාරයකින් මොගඩිෂුහිදී 10 දෙනෙකු මරුට

Mohamed Dilsad

එඩ්වඩ් ස්නෝඩන් හට රුසියාවේ පුරවැසි භාවය හිමි වෙයි

Mohamed Dilsad

ඉම්රාන් ඛාන්ට වෙඩි තැබූ හේතුව මෙන්න

Mohamed Dilsad

Leave a Comment