දේශීය

හෙට රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා

(UTV | කොළඹ) – හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.   

කෙසේවෙතත් එළවළු, පලතුරු ප්‍රවාහනය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි බව ඔහු කියා සිටියේය.

එසේ වුවද එම කාලය තුළ දී බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කෙරෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

නිරෝධායනය වෙමින් සිටි දෙදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි

Mohamed Dilsad

ඊයේ හඳුනාගත් ආසාදිතයින් 6 දෙනා කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන්

Mohamed Dilsad

Leave a Comment