දේශීය

ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරන රාමසාන් උත්සවය අදයි

(UTV | කොළඹ) – රාමසාන් උපවාසය අවසන් කරමින් ලොව පුරා විසිරී සිටින ඉස්ලාම් බැතිමතුන් සමඟ එක්ව ඊද්- දුල් – ෆිතර් උත්සවය ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාව ද අද සමරනු ලබයි. 

නව සඳ දැකීමත් සමග ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් සිය රාමසාන් උපවාසය ආරම්භ කළහ.

එම උපවාසය නිමාවට පත්වීමත් සමග පළමු සඳ දැකීමෙන් පසු ඊදුල් ෆීතර් රාමසාන් උත්සවය ඉස්ලාම් බැතිමතුන් සමරනු ලබන්නේ දැඩි භක්තියෙන් හා ප්‍රීතියෙන් යුතුවයි.

මේ අතර රාමසාන් උත්සවය සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සිය සුභපැතුම් එක්කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ රාමසාන් මංගල්‍යයට එක්වෙන ලාංකේය මුස්ලිම් ජනතාවගේ සියලු යහපත් අපේක්ෂාවන් ඉටු වේවා යි තමන් ප්‍රාර්ථනා කරන බවයි.

ශුද්ධ වූ අල් කුරානය අදහන සැබෑ ඉස්ලාම් භක්තිකයන්ගේ සාමූහික කැපවීමත්, අධිෂ්ඨානයත් රටේ සංහිදියාව වෙනුවෙන් තව තවත් යොමු වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද රාජපක්ෂ මහතාගේ රාමසාන් සුභ පැතුම් පණිවුඩයේ දැක්වෙයි.

එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද රාමසාන් උත්සවය වෙනුවෙන් සුභ පැතුම් එක්කර ඇත.

ආගමානුකූල නිවැරැදි ඉගැන්වීම් තුළ ශික්ෂණය ලැබූ ඉස්ලාමීය ජනතාව ඉතිහාසය පුරාවට මෙරට ජන සමාජයේ අන්‍ය ජාතීන් සමග සුහදත්වයෙන් කටයුතු කර ඇති බවත් එම විශ්වාසය පළදු නොකරමින් ඉදිරියට යාම සදහා ඉස්ලාමීය ජනතාවට ඇති අවශ්‍යතාව වත්මන් රජය අවබෝධ කරගෙන ඇති බවත් අග්‍රාමාත්‍යවරයාගේ සුභපැතුම් පණිවුඩයේ සඳහන් වෙයි.

 

Related posts

කොරෝනා ආසාධිත වූ ලාංකිකයන් 21 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

මෙරට වාහන සිහිනයට චීනයෙන් විසඳුමක්

Mohamed Dilsad

වීරකැටියේ වෙඩිතැබීමක්.පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment