දේශීය

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

(UTV | කොළඹ) – කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.    

ඒ අනුව එම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් එය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ.

එම වගන්ති සංශෝධනය කිරීම කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිටු 62ක් සමන්විතය.

එම තීන්දුව ලබාදී ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා ය.

Related posts

එජාප නායක රනිල් ඇතුළු 5 කට වාරණ නියෝගයක්

Mohamed Dilsad

මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා අද සහ හෙට

Mohamed Dilsad

ජනපතිගෙන් ගුවන්තොටුපොළ බලධාරින්ට උපදෙස් රැසක්

Mohamed Dilsad

Leave a Comment