දේශීය

රට කොවිඩ් උවදුරේ උච්චතම අවස්ථාවට ඇවිල්ලා – PHI සංගමය

(UTV | කොළඹ) – පවතින කොවිඩ් තත්ත්වය හමුවේ එහි උච්චතම අවස්ථාවට මේ වන විට ශ්‍රී ලංකාව පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.  

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ බව කියා සිටියේ , පුත්තලම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

මෙම තත්ත්වය තවත් ඉහළ ගියහොත් රට දැඩි අවදානම් තත්ත්වයකට පත්වනු ඇති බව ද උපුල් රෝහණ වැඩිදුරටත් කියා සිටියේය.

සංචරණ සීමා පනවන අවස්ථාවලදී ජනතාව අනවශ්‍ය එක්රැස් වීමෙන් වළකින ලෙසත් උපුල් රෝහණ මහතා මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මීට අමතරව , රටතුල කොරෝනා වසංගතයේ පවතින දැඩි අවදානම් තත්ත්වය සැළකිල්ලට ගනිමින් දින 14ක් ඇදිරිනීතිය පැනවීම හෝ දැඩි සංචරණ සීමාවක් පැනවිය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරයි.

රජයේ රෝහල් සියල්ලම මේවනවිට කොරෝනා රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවත් රෝහල්වල සෙසු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු ද මේ වනවිට අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවත් විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළාය.

Related posts

ඉතිහාසඥයෙක් වන ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

බස්නාහිරින් පිටවන අය සොයන්න බුද්ධි අංශ සහය

Mohamed Dilsad

දිවයින පුරා තවත් පෙරහුරු ඡන්ද 16 ක්

Mohamed Dilsad

Leave a Comment