දේශීය

අද සිට ඩ්‍රෝන කැමරා යොදවයි

( UTV | කොළඹ) – කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල මහල්නිවාස සහ වතු නිවාස ආශ්‍රිත පුද්ගලයින් නිරෝධායන නීති උල්ලංඝනය කරන්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා අද (23) සිට ඩ්‍රෝන කැමරා යොදා ගන්නා බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ, විශේෂ කාර්ය බලකාය හා පොලීසිය එක්ව එම වැඩසටහන දියත් කර ඇති බවය.

එම නිසා කණ්ඩායම් ලෙස එකතු නොවී තමන්ගේ නිවෙස්වලට වී සිටින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙයි.

ඉදිරි දින කිහිපය තීරණාත්මක බැවින් කොවිඩ් -19 වසංගතය පාලනය කර ගැනීමට සියලුදෙනාගේ සහයෝගය අවශ්‍ය බවත් සඳහන් කර සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, නිරෝධායන නීති උල්ලංඝනය කරන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද පැවසීය.

Related posts

බන්ධනාගාර රැඳවියන් 2961ක් ඇප මත මුදා හැරෙයි

Mohamed Dilsad

‘අපිට එකට වැඩ කරන්න පුලුවන්’ – ජනපති, සජබෙට කියයි

Mohamed Dilsad

වේග පන්දු ක්‍රීඩක ෂෙහාන් මධුෂංක යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment