දේශීය

නිරෝධායන නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන පොලිස්පතිගෙන් නව චක්‍රලේඛයක්

(UTV | කොළඹ) – වාහන හා පුද්ගලයින් පරීක්ෂාවේදී මෙන්ම නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා උපදෙස් ලබාදී තිබේ.   

සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් එම උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

ඇතැම් පොලිස් නිලධාරීන් මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට පරිභව කිරීම් සිදුකරන දර්ශන මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙන බව පොලිස්පතිවරයා එහිදී පෙන්වා දී ඇත.

එබැවින් එම පුද්ගලයින්ගේ ආත්ම ගරුත්වයට කැළලක් වී ඔවුන් සමාජය ඉදිරියේ අපහසුතාවට පත්වන බවද පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.

මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මන වන පරිදි පුද්ගලයින් හා වාහන පරීක්ෂා කිරීමේදී එවැනි ක්‍රියා අත්හිටුවන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අදාළ චක්‍රලේඛය මඟින් උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් එවැනි ක්‍රියා වාර්තා වුවහොත් අදාළ නිලධාරීන්ට සහ ස්ථාන භාර නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස්පතිවරයා අදාළ චක්‍රලේඛය මඟින් පෙන්වා දී තිබේ.

Related posts

රඹුක්කන සිද්ධිය ගැන විමර්ශණයට පොලිස් නිළධාරීන් 20ක විශේෂ කණ්ඩායමක්

Mohamed Dilsad

අද පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

කෝප් – කෝපා කමිටු පළමු වරට අද රැස් වෙයි

Mohamed Dilsad

Leave a Comment