ව්‍යාපාරික

වැස්ස නිසා විදුලියට රුපියල් බිලියන 5ක ඉතිරියක්

(UTV | පුත්තලම) – නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රිය කළ බව වන ව්‍යාජ පුවතක් මාධ්‍ය මගින් ප්‍රකාශ කර ඇති බවත් එය රටේ විදුලිබල ක්ෂේත්‍රය පිළිබඳ සත්‍ය තත්ත්වය වසන් කිරීමට ගත් උත්සාහයක බවත් විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.    

පසුගිය දින කිහිපයේදී අධික වර්ෂාවක් ලැබීමත් සමග ජල විදුලිය මගින් විදුලි ඒකක මිලියන 200 ක් නිෂ්පාදනය කර ගැනීමට හැකිවූ බවද හේරත් මහතා පවසයි.

මෙවැනි ඒකක සංඛ්‍යාවක් ඩීසල් මඟින් උත්පාදනය කර ගැනුණේ නම් එක් ඒකකයක් සඳහා රුපියල් 30.00 ක් වැය වැය වන නමුත් ජලය මගින් එක් ඒකකයක් නිපදවීම සඳහා අවශ්‍ය වන්නේ රුපියල් 2 ක් බවද ඔහු පවසයි.

ඒ අනුව අනුමාන වශයෙන් රුපියල් 25.00 බැගින් මුදල් ප්‍රමාණයක් ඉතුරු කර ගැනීමට හැකි වූ බවත් එය රුපියල් බිලියන 5ක් හෙවත් රුපියල් කෝටි 500 ක් පමණ වන බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.

එසේම රටේ වත්මන් කොවිඩ් වංසගත තත්ත්වය හා රටේ සංචරණ සීමා නිසා විදුලි ඉල්ලුම තරමක් අඩුවී ඇති බවත් එය සාමාන්‍ය දෛනික පරිභෝජනයෙන් තුනෙක් එකක පමණ අඩුවීමක් බවද ඔහු පවසයි.

ජල විදුලි බල ධාරිතාව යහපත් මට්ටමකට පැමිණි ඇති බවත් නිරිතදිග මෝසම් සක්‍රියවීමත් සමග තම්බපවනී සුළං බලාගාරය උපරිමයෙන් ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇති බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.

ඒ මගින් ද ඒකක මිලියන 2 ක පමණ ප්‍රමාණයක් දැනට ලැබෙමින් පවතින බවත් මෙවැනි තත්ත්වයක් යටතේ පුනර්ජනනීය බලශක්තිය ඉතා සුබදායී මට්ටමකින් පවත්වාගෙන යාමට හැකියාවක් ලැබී ඇති බවත් සභාපතිවරයා පවසයි.

 

Related posts

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය මත පනවා ඇති බදු ඉවත් කිරීමට අවධානය

Mohamed Dilsad

රුපියල ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව මහ බැංකුව පවසයි

Mohamed Dilsad

ඇමරිකානු GSP බදු සහනය නැවත වරක් – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment