දේශීය

බද්දේගම සමිත හිමි අපවත් වෙයි

(UTV | මාතර) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුද වන පූජ්‍ය බද්දේගම සමිත හිමියන් අද අලුයම අපවත් විය.  

කොවිඩ් 19 වෛරසය වැළඳී මාතර පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර උන්වහන්සේ මෙලෙස අපවත් වී තිබේ.

ඒ වනවිට උන්වහන්සේ 69 වන වියෙහි පසුවිය.

2001 වසරේ සිට 2004 වසර දක්වා පාර්ලිමේන්තුවද නියෝජනය කල බද්දේගම සමිත හිමියන් දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන්ද කටයුතු කළහ.

Related posts

‘ඩිසල් නැවට මුදල් ගෙවයි’ – බලශක්ති ඇමති

Mohamed Dilsad

රට හාල් ගැන ඇමතිගෙන් තීරණයක්

Mohamed Dilsad

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment