ක්‍රීඩා

අපි තරගාවලි සහ කුසලාන ජය ගත යුතුමයි – සනත්

(UTV| කොළඹ) – අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය සංයුතිය නිවැරදි කරගත් බව සනත් ජයසූරිය මහතා පවසයි.  

බංග්ලාදේශයට එරෙහිව නිමා වූ තෙවැනි එක්දින තරගය පිළිබද අදහස් දක්වමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියේය.

තරග පරාජයෙන් පසුව හොද සටනක් ශ්‍රී ලංකාව මෙම තරගයේ දී ලබාදුන් බව පෙන්වා දුන් සනත් ජයසූරිය මහතා කුසල් පෙරේරාගේ ශතකය ද ඇගයීමට ලක් කළා.

“මතක තබා ගන්න, අපි තරගාවලි සහ කුසලාන ජය ගත යුතුමයි, ශ්‍රී ලංකා ක්‍රිකට් යළි ගෙන එන්න පුලුවන් එකම ක්‍රමය එයයි” යනුවෙන් සනත් ජයසූරිය මහතා සඳහන් කර සිටියේය.

මීට අමතරව , පැමිණිලි කිරීම පසෙකලා රට වෙනුවෙන් තරග ජයග්‍රහනය කිරීම ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසයි.

නව කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම ක්‍රීඩකයින් විසින් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන්කර සිටියේය.

නව කොන්ත්‍රාත්වලදී ඇතැම් ක්‍රීඩකයින්ට වැටුප් කප්පාදුවක් සිදු කර තිබූ අතර, ඊට බොහෝ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සිය විරෝධය පල කර ඇත.

විශේෂයෙන්ම නව ක්‍රමවේදයේ විනිවිදභාවය පිළිබද ගැටලු පවතින බව ක්‍රීඩකයින් පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, අරවින්ද ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ ක්‍රීඩකයින් මීට එකඟතාවය පල නොකිරීම අසාධාරණ බවයි.

Related posts

එක්දින පුහුණූ තරඟාවලියේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට.

Mohamed Dilsad

හෝමාගම ඉදිකිරීමට යන ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කටයුතු අත්හිටුවයි

Mohamed Dilsad

ලන්ඩන් නුවර සිදුවූ පිපිරිමකින් 30කුට තුවාල

Mohamed Dilsad

Leave a Comment