දේශීය

නිරෝධායන රීති කැඩූ 755 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගතවු පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 755 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ඔවුන් අතර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ත්‍රීරෝද රථ 06ක ගමන් කළ පුද්ගලයින් 07 දෙනෙකු වන බවය.

මේ අතර අක්කරෙයිපත්තුව සිට කොළඹ බලා පැමිණි මගී ප්‍රවාහන බස් රථයක් ඊයේ (30) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

එහි මගීන් 48දෙනෙකු සිටි බව පොලීසිය පැවසුවේය.

ඔවුන් සියලුදෙනා අද (31) දිනයේ දී අම්පාර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

Related posts

මුදල් වංචා කළ ඉන්දියානුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්දියානු කොවිෂීල්ඩ් එන්නතට ශ්‍රී ලංකා රජයේ අවසර

Mohamed Dilsad

බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ චෝදනා මත තවත් සැකකරුවන් 4 අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment