දේශීය

කොළඹට එන වාහනවලට අද සිට විශේෂ ස්ටිකරයක්

(UTV | කොළඹ) – කොළඹ නගරයට ඇතුළු වන වාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව අද (02) සිට එක් දිනකට පමණක් වලංගු විශේෂ ස්ටිකරයක් හඳුන්වාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.   

සංචරණ සිමා කාලයේ එකම වාහනයක් නැවත නැවත පරීක්ෂා කිරීම වැළක්වීම සඳහා මෙම ස්ටිකරය හඳුන්වා දී ඇත.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන වාහන දැඩි පරීක්ෂාවකට ලක් කර එක් ස්ථානයකදී අදාළ ස්ටිකරය අලවන අතර එය ඇලවීමෙන් පසු අද දිනට පමණක් අදාළ වාහනයට ගමන් කිරීමේ හැකියාව ලැබේ.

මෙම නව ක්‍රමවේදය හඳුන්වා දී ඇත්තේ, අත්‍යාවශ්‍ය සේවා සඳහා වාර්තා කරන පිරිස් සඳහා ප්‍රමාදයන් සිදුවන බවට ලද පැමිණිලි සලකා බැලීමෙන් පසුවයි.

කෙසේ වෙතත් විශේෂ අවශ්‍යතාවක් ඇති වන අවස්ථාවලදී නැවත නැවත පරීක්ෂාවන් සිදු කිරීමට ඉඩකඩ ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

තව ද කිසියම් පුද්ගලයෙකු යම් අසත්‍ය තොරතුරක් ලබා දී කොළඹ නගරයට ඇතුළු වන බවට සැකයක් ඇති වුවහොත් එවැනි වාහන වෙත ස්ටිකර් නිකුත් නොකරන බවත් එවැනි වාහන නැවත නැවත පරීක්ෂා කිරීමට සිදුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස තවත් ඉහළට

Mohamed Dilsad

කොටුව – මාතලේ අතර ලබන දෙවනදා සිට නව දුම්රිය ධාවනයක්

Mohamed Dilsad

රිෂාඩ් සහ සහෝදරයාගේ අත්අඩංගුවට ගැනීම් මනෝ ගනේෂන් හෙළා දකී

Mohamed Dilsad

Leave a Comment