ප්‍රමුඛ පුවත 1

ගීතාට දුන් භියාචනාධිකරණය තීන්දුව අත්හිටුවයි

(උදයම්,කොළඹ)  – ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු නොමැති බවට අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව මේ මස 15 වනදා දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය වාරණයක් නිකුත් කරයි.

අද (12) එම වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බව අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව නීතිවිරෝධී තීන්දුවක් බවට තීරණය කරන ලෙස මන්ත්‍රීවරිය විසින් යොමුකළ විශේෂ අභියාචනය අද විභාගයට ගත් අවස්ථාවේදීය.

බුවනෙක අලූවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබාදී ඇත.

ගීත කුමාරසිංහ මහත්මියට මෙරට සහ ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමි අයෙකු බැවින් ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවේ 2015 වසරේදී ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි ඡන්දදායකයන් 4 දෙනෙකු විසිනි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියට අමතරව ආගමන විගමන පාලකවරයා, නිදහස් සන්ධාන මහලේකම්වරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා නම් කර තිබුණි.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත්වන තුරු ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු අසුනට වෙනත් අයෙක් පත් කිරීම නතර කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

Related posts

කාත්තාන්කුඩියේ පාසල් හා පෞද්ගලික අධ්‍යාපන ආයතන තාවකාලිකව වසයි

Mohamed Dilsad

ඒකාබද්ධ විපක්ෂයේ තීරණය අද

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට නව පලතුරු විශේෂයක් හඳුන්වා දෙයි

Mohamed Dilsad

Leave a Comment