දේශීය

සංචරණ සීමා ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ

(UTV| කොළඹ) – දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.   

ඒ අනුව එම සංචරණ සීමා මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇත.

යුද හමුදාපතිවරයා ඊයේ සඳහන් කළේ මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා එළැඹෙන සඳුදා 4ට ලිහිල් කරන බවයි.

කෙසේ වෙතත් එම තීරණය වෙනස් කරමින් මෙසේ නැවතත් එළැඹෙන 21 දා තෙක් සතියකින් සංචරණ සීමා දීර්ඝ කර තිබේ.

Related posts

දුම්රිය නවතින ලකුණු

Mohamed Dilsad

තමා පිළිබඳව ගෙන යන සාවද්‍ය ප්‍රචාරයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග – පී.බී

Mohamed Dilsad

පරිභෝජනයට නුසුදුසු බී ළූණු තොගයක් කොටහේනේදී අල්ලයි

Mohamed Dilsad

Leave a Comment