විදෙස්

කොවිඩ් පැතිරීම වළක්වන්න WHO නව උපාය මාර්ගයක් හඳුන්වා දෙයි

කොවිඩ් පාලනය සඳහා සමාජය අනුගමනය කලයුතු අනිවාර්ය පුරුදු නොඑසේනම් උපාය මාර්ග පහක් ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දී තිබේ. Twiiter පණිවිඩයක් හරහා මෙම නිවේදනය ඔවුන් දන්වා ඇත.

මීට පෙර එම නව උපාය මාර්ග වශයෙන් දක්වා තිබුණේ අංග හතරකි. එම අංග ලෙස,

මුව ආවරණ භාවිතය
දෑත් පිරිසිදු කිරීම
පුද්ගල දුරස්ත භාවය
කහින හා කිවිසින විට වැළමිටෙන් ආවරණය කරගැනීම යන පුරුදු ඇතුලත් වී තිබුණි.

මෙම පුරුදු වලට අමතරව දොර ජනෙල් විවෘතව තැබීම ද ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් මර්දන උපායමාර්ගයක් ලෙස හඳුන්වා දී ඇත. ඒ අනුව කොවිඩ් මර්ධනය සඳහා අනිවාර්යෙන් අනුගමනය කල යුතු උපාය මාර්ග පහක් පිලිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවට දැනුම් දී තිබේ.

දොර ජනෙල් විවෘතව තැබීම මඟින් වාතාශ්‍රය එක් ස්ථානයක වැඩි වෙලාවක් නොරැඳී පිටවිම නිසා යම් හෙයකින් වාතයේ කොරෝනා වෛරස අංශුන් අඩංගුව තිබුන හොත් එය ඉවත් වීමේ ඉඩක් මෙමඟින් ඇතිවිය හැකිය.

Related posts

ඉරානයට ඉදිරියේදී දැඩි සම්බාධක පනවනවා – ට්‍රම්ප්

Mohamed Dilsad

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල්යයි

Mohamed Dilsad

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම්

Editor O

Leave a Comment