දේශීය

රිෂාඩ්ගේ පෙත්සම සලකා බැලීමෙන් විනිසුරුවන් ඉවත් වීම ගැන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බව විනිසුරුවරුන් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (23) පාර්ලිමේන්තුවේදී කනස්සල්ල පළ කළේය.

“රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීතුමා පක්ෂ නායකයෙක්. ඔහු අවුරුදු විස්සක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔහු තමයි පළවෙනි මන්ත්‍රීවරයා මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ රැඳවුම් නියෝගයක් මත රිමාන්ඩ් බාරයට ගෙන තිබෙන ප්‍රථම මන්ත්‍රීවරයා.

“ඔහු [රිෂාඩ්] ඇප ඉල්ලා පෙත්සමක් ගොනු කර තිබෙනවා. නඩුව විභාගයට ගැනීමට විනිසුරුවරයෙකු පැමිණෙන සෑම අවස්ථාවකම ඔහු පිටව යනවා. පළමු වැනි විනිසුරුකරු මැයි 28 ද, දෙවැනි විනිසුරුකරු ජුනි 04 ද ඉවත් විය.

“පොලිස්පතිවරයාද පාර්ලිමේන්තු කාරක සභාවට ලිපියක් යවමින් කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මුළුමනින්ම නිර්දෝෂී බවත් චෝදනා කෙරෙහි කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය.

“ඔහු [රිෂාඩ්] තුන් වතාවක් ඇප ඉල්ලා ඇති අතර විනිසුරුවන් තුන් වතාවක් ඉල්ලා අස්වී තිබේනවා,” යැයි කිරිඇල්ල මහතා පැවසීය.

Related posts

21වනදා සිට ගුවන් තොටුපළ නිල වශයෙන් විවෘතයි

Mohamed Dilsad

අන්තර්කාලීන ආණ්ඩු සාකච්ඡාවේ දෙවන වටය පක්ෂ 11 වර්ජනය කරයි

Mohamed Dilsad

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment