විදෙස්

සමාජ දුරස්ථභාවය කඩ කළ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි

(UTV | බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය (ලේකම්) මැට් හැන්කොක්, සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ රෙගුලාසි කඩ කරමින් සිය සහයිකාවක වන ජිනා කොලඩන්ජෙලෝ නමැත්තිය ප්‍රසිද්ධියේ සිප ගැනීමේ ඡායාරූපයක් එරට මාධ්‍ය මගින් පළ කිරීමත් සමගයි.

ජනතාවට ලබාදුන් උපදෙස්, නීති සම්පාදනය කරන පුද්ගලයෙකු වශයෙන් තමා අතින් ගිලීහී යාමේ වරද පිළිගනිමින් ධුරයෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත්තේ ජනතාව කරන කැපකිරීම්වලට ගරු කරමින් තමා එම තීරණය ගත් බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සිය පවුලේ සාමාජිකයින්ගෙන් ද සමාව අයැද තිබිණ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගෙන නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස හිටපු චාන්සලර්වරයෙකු වන සජිඩ් ජාවිඩ් පත්කර තිබේ.

එම සිදුවීමට සම්බන්ධ ජිනා කොලඩන්ජෙලෝ ද, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විධායක නොවන අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කළා ය.

Related posts

ඉන්දියාවේ කැස්ස පැණිය බීලා දරුවෝ 66 ක් මැරිලා

Mohamed Dilsad

පිලිපීන ගුවන් හමුදා යානයක් අනතුරට

Mohamed Dilsad

සවුදි අධිවේගී දුම්රිය ස්ථානයේ ඇති වූ ගින්නකින් 5ක් මරුට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment