ගොසිප්

ශානි පෙන්ෂන් පොලිස් ආරක්ෂාව ඉල්ලයි

(UTV | කොළඹ) –    රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පෙරේදා (30 දා) සිට පොලිස් සේවයෙන් විශ‍්‍රාම ලබා ඇත.

සිරගතව සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සමග ආන්දෝලනාත්මක දුරකථන සංවාදයක යෙදුණු ශානි අබේසේකර පසුගිය සිකුරාදා (25 දා) පොලිස්පති සහ මානව හිමිකම් කොමිසම වෙත සංදේශයක් යවමින් තමාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බව දක්වමින් පොලිස් ආරක්ෂාව ඉල්ලා තිබේ.

2020 ජුලි 31 දා කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් බොරු සාක්කි නිර්මාණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගනු ලැබූ ශානි අබේසේකර පසුගියදා ඇප මත මුදාහරිනු ලැබීය.

මේ අතර ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ ශානි අබේසේකරට දේශපාලන රැකවරණ දීමට ස්විට්සර්ලන්තය, ඇමෙරිකාව සහ යුරෝපා සංගමය ඉදිරිපත් වී ඇති බවයි.

ඔහු මේ වනවිට වයස අවුරුදු 60 ක් සම්පූර්ණ කර තිබේ.

ශානි අබේසේකර 1986 දී උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවාවට එක් විය.

Related posts

ශ්‍රීලංකා නිදහස් පොදුජන සංධානය අහිමි චන්ද්‍රිකා සමගි ජන බලවේගයට

Mohamed Dilsad

කොරෝනාවේ අතුරුඵලයකින් දිනකට 12,000 ක් මිය යා හැකි බවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

කථානායක – සජිත් – අගමැති හමුවක්

Mohamed Dilsad

Leave a Comment