දේශීය

හෙද ඉල්ලීම් හතෙන් පහකට ජනපතිගෙන් විසඳුම්

(UTV | කොළඹ) – රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් ඊයේ (02) පස්වරුවේ විසඳුම් ලබා දුන්නේය.

හෙද ඉල්ලීම් 05කට ජනපතිගෙන් විසඳුම් ලැබුණු බැවින් දීප ව්‍යාප්ත හෙද වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ප්‍රකාශ කරයි.

හෙද සරසවිය ආරම්භ කිරීම

යහපාලන රජය සමයේ අත්හිටුවූ මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම

අත්හිටුවා ඇති 3 ශ්‍රේණියෙන් 2 ශ්‍රේණියට උසස් වීම වසර පහක් ලෙස හා 2 ශ්‍රේණියෙන් 1 ශ්‍රේණියට වසර හතෙන් උසස් කිරීම

රුපියල් විසිදහසක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම

දැනට පැය 36 ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින පහක (පැය 30 ක) කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කිරීම

මීට අමතරව එකඟතාව පළවූ අනෙක් යෝජනාව වන්නේ රුපියල් දස දහසේ දීමනාව සහ මූලික වැටුපෙන් සියයට එකක අමතර දීමනාව ලබන අයවැයෙන් ලබාදීමටයි.

Related posts

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ නවතම ලේඛනයට ජනපතිගේ නමත් එක්වෙයි

Mohamed Dilsad

ඇසළ පෝයට දන්සල් 8,300ක් රට පුරා

Editor O

අද පස්වරු 6 සිට දුම්රිය ධාවනය නවතී

Mohamed Dilsad

Leave a Comment