දේශීය

නිරෝධායන රීති කැඩූ 339 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊයේ (04) සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලට අදාළව නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 339 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මේ අනුව පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 47,579 ක් බවයි පොලිස්මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

Related posts

සිළුමිණ පුවත්පතේ සුමුදු චතුරානි නියෝජ්‍ය කර්තෘ ධූරයෙන් ඉවතට – අලුත් සභාපතිගේ තීරණයක්

Editor O

උප්පැන්නය නැතත් ජාතික හැඳුනුම්පත ගන්න පුළුවන්

Editor O

මෙරටට ඒමට නොහැකිව ශ්‍රී ලාංකික සිසුන් 70 ක් පිලිපීනයේ කොටුවෙයි

Mohamed Dilsad

Leave a Comment