දේශීය

පරිප්පු – සීනි ආනයනයට රජය මැදිහත් වෙයි

(UTV | කොළඹ) – රතු පරිප්පු සහ සුදු සීනි සතොස සහ සමූපකාරවල මැදිහත්වීම මත ආනයනය කිරීමට රජය තීරණයකර තිබේ.

දේශීය වෙළෙඳපොළේ ඉහළ මිල ගණන්වලට අදාළ භාණ්ඩ අලෙවිකරන බැවින් වෙළෙඳ අමාත්‍යාංශය විසින් මෙම පියවරගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් සීනි සහ රතු පරිප්පු සෘජුවම ආනයනයකර අලෙවි කිරීමට නියමිත අතර ඒ සඳහා ඊයේ (05) රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

මේ අතර දේශීය වෙළෙඳපොළ මිල ස්ථායිකරණය සඳහා ලංකා සතොස සහ සමූපාකාර හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බවද සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ
මහතා පැවසීය.

Related posts

ඇඳිරි නීතිය පණවා තිබූ කාලසීමාව තුළ සයිබර් ප්‍රහාර පැමිණිලි 3900 ක්

Mohamed Dilsad

බෝ ගස වැඩක් නැතැයි කියන මාක්ස්වාදියෝ යැයි කියා ගන්නා අය පහර දෙන්නේ රටේ සංස්කෘතියට – පූජ්‍ය ඕමාරේ කස්සප හිමි

Editor O

ජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment