(UTV | කොළඹ) – කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් එන්නත් ලබා දීම අත්හිටවු වූ බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාවේදීනී වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ, දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබා දීම අත්හිටුවන ලෙසත් ජූලි 3 වන සතියේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලැබෙන තෙක් රැඳී සිටින ලෙසත් තමන් වෙත උපදෙස් ලැබුණු බවය.
එමෙන් ම, අවශ්‍ය සියලු ම ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ප්‍රමාණය ජූලි 3 වන සතිය වන විට මෙරටට ලැබෙන බවට තමන්ට තොරතුරු ලැබුණු බවත් ඇය සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත.
ඒ හේතුවෙන්, අද (ජූලි 8) දින එන්නත් ලබා ගැනීමට එන ලෙසට දැනුම් දෙමින් පණිවුඩ ලැබුණ පුද්ගලයින්ට ඒ සඳහා නොපැමිණෙන ලෙස ඇය වැඩිදුරටත් දැනුම් දී සිටියි.
We have got news that ALL the required AstraZeneca doses will be arriving by 3rd week of July. So, we were advised to stop giving Pfizer as a 2nd dose and wait till 3rd week of July for AZ 2nd doses.
We had to cancel tomorrow’s appointments. Very sorry for the inconvenience!
— Dinu Guruge 🇱🇰 (@dinuguruge) July 7, 2021