දේශීය

ඊයේ වැඩි ම ආසාදිතයින් කළුතරෙන්

(UTV | කොළඹ) – ඊයේ (ජූලි 7) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,243 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඉන් 14 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වේ.

මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 223කි.

තව ද කෙළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 183 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 168 දෙනෙකු හඳුනාගෙන ඇත.

දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල ආසාදිතයන් වාර්තා වූ ආකාරය ප්‍රදේශ ද සමග පහත දැක්වේ.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (ජූලි 7) කොවිඩ් මරණ 38ක් සිදු වූ බවට තහවුරු කර තිබේ.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,351ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

ආසාදිතයින් 485 දෙනෙකුට සුවයි

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 18300 ඉක්මවයි

Mohamed Dilsad

ව්‍යාජ දහසේ මුදල් නෝට්ටු 810 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට (PHOTOS)

Mohamed Dilsad

Leave a Comment