විදෙස්

ඉරාකයේ කොවිඩ් වාට්ටුවක ගින්නකින් 50ක් මරුට

(UTV | ඉරාකය) – ඉරාකයේ රෝහලක කොරෝනා ආසාදිතයින් වෙන්කර ඇති වාට්ටුවක සිදුවූ ගින්නකින් 50 දෙනෙකු පමණ මියගොස් තිබේ.

එම ගින්න ඇතිවී තිබුණේ නසිරියා නගරයේ අල්-හුසේන් නම් රෝහලේය.

ගිනි නිවන අංශ මේ වනවිට ගින්න පාලනය කර ඇති බව වාර්තා වේ.

රෝහලේ ප්‍රධානියාව අත්අඩංගුවට ගන්නා ලෙස ඉරාක ජනාධිපති මුස්තාෆා අල්-කදේමි නියෝග කර තිබේ.

ඉරාක බලධාරීන් පැවසුවේ එම වාට්ටුවේ ඇඳන් 70ක් තිබූ බවත් එය ගොඩනගා තිබුණේ මීට මාස 3කට පමණ පෙර බවත්ය.

Related posts

වගා ළිඳක සිරවී සිටින දරුවාගේ ප්‍රතිචාර නවතී

Mohamed Dilsad

ඇමරිකා ජනාධිපතිගෙන් යුක්‍රේනය ගැන සුබවාදී පිළිතුරක්

Editor O

ට්‍රම්ප්ගේ පළමු විවාහයේ බිරිඳ ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment