විදෙස්

චීනයේ ගොඩනැගිල්ලක් කඩා වැටී 17 ක් මරුට

චීනයේ සුෂෝහි හෝටලයක් සහිත ගොඩනැගිල්ලක් කඩා වැටී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 17 දක්වා ඉහළගොස් ඇති බවය.

පැය 36කට අධික කාලයක සිට මුදාගැනීමේ කණ්ඩායම් විසින් මෙහෙයුම් සිදුකරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් 6 දෙනෙකු බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත් වී තිබේ.

අදාළ ගොඩනැගිල්ලේ මෑතකාලීනව සිදුකළ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් එය කඩා වැටීමට ලක්වී ඇති බව සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Related posts

මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉහළම රට නම් කරයි

Mohamed Dilsad

ට්විටර් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම්

Mohamed Dilsad

ව්‍යාජ “ඕසෙම්පික්” ඖෂධය පිළිබඳව අනතුරු ඇඟවීමක්

Editor O

Leave a Comment