කලා

අමිතාබ් බච්චන් නැවතත් ගීත ගායනයට

තවත් නෙබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති ‘චෙහ්රේ’ චිත්‍රපටයේ ඇතුළත් ගීතයක් අමිතාබ් බච්චන් විසින් ගායනා කර තිබෙන බව වාර්තා වෙයි. ඔහු ගීතයක් ගායනා කරනු ලැබුවේ 2015 වසරේ තිරගත වූ ‘සම්තාබ්’ චිත්‍රපටයෙන් පසුව වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත්, ‘චෙහ්රේ’ චිත්‍රපටයේ ඔහු විසින් ගායනා කරන ගීතය 1981 වසරේ තිරගත වූ ‘සිල්සිලා’ චිත්‍රපටයේ ඇතුළත් වුණ ‘කබි කබි මෙරේ දිල් මෙරා’ ගීතයට බොහෝ සෙයින් සමාන එකක් බව සඳහන් වෙයි. ‘කබි කබි’ ගීතයද අමිතාබ් විසින් ගායනා කළ එකක් වන අතර, එය අදටද අපගේ මතකයේ රැඳෙන ගීතයක් බවට පත්ව ඇත.

Related posts

එකම දිනයේ රැජිණිකාන්ත්ගේ සහ ධනුෂ්ගේ චිත්‍රපට 2ක්

Mohamed Dilsad

ගිටාරෙට මූණ තුවාල වුණැයි යොහානි සමාජ මාධ්‍ය වෙත දන්වයි

Mohamed Dilsad

හඩ්සන් සමරසිංහ යලි ගුවන්විදුලි සභාපතිධූරයට

Mohamed Dilsad

Leave a Comment