විදෙස්

තායිලන්තයේ කොවිඩ් දරුණු අතට

තායිලන්තයේ මේ වන විට කොවිඩ් වසංගත ව්‍යාප්තියේ දරුණුම අවධියට මුහුණපා සිටී.

දෛනික මරණ 200කට ආසන්න වෙමින් ඇති එරට සෞඛ්‍ය පද්ධතිය මේ වන විට මුහුණපා සිටින බරපතළ ම අර්බුදය වන්නේ රෝහල් තුළ මෘතදේහ ගොඩගැසීමය.

බැංකොක් අගනුවරට නුදුරු රෝහලක 2004 වසරේ දී තායිලන්තය මුහුණදුන් දරුණු සුනාමි ඛේදවාචකය එම මෘත දේහ දැකීමේ දී සිහිගැන්වෙනවේ.

දිනපතා එක්රැස් වන කොවිඩ් මෘතදේහ අධිශීතකරණ කන්ටේනර් තුළ තැන්පත් කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.

මියයෑමට නිශ්චිත හේතුවක් දක්වා නැති මෘතදේහවලින් සියයට 20ක් පමණ පසුව සිදුකරන පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත බවට හඳුනාගන්නා බව රෝහල් වාර්තා පවසයි.

මේ අතර, ඉන්දියාවේ වසංගත ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය බවට පත්වී ඇති දකුණුදිග කේරළ ප්‍රාන්තයේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව සිව්වන දිනටත් විසිදහස ඉක්මවා ගියේය.

පෙරේදා (31) එම ප්‍රාන්තයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 20,772කි.

එය ඊයේ සමස්ත ඉන්දියාවෙන්ම හඳුනාගත් ආසාදිතයන්ගෙන් අඩක් පමණ වේ.

ඉන්දියාවේ මේ වන විට වැඩිම සක්‍රීය ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේද කේරළ ප්‍රාන්තයෙනි.

කේරළ ප්‍රාන්තයේ, කොවිඩ් ආසාදිත එක් පුද්ගලයෙකුගෙන් වෛරසය බෝවිය හැකි පුද්ගලයන් සංඛ්‍යාව මැන බලන ආර් අගය දැක්වෙන්නේ 1.11ක් ලෙසිනි.

ඒ අනුව එක් ආසාදිතයෙකුගෙන් එක්අයෙකුට වඩා වැඩි පිරිසකට වෛරසය බෝවීමේ අවදානමක් පවතී.

පවතින තත්ත්වය හමුවේ කේරළයට සති අන්තයේදී ලොක්ඩවුන් සීමා පැනවීමට ප්‍රාන්ත බලධාරීන් කටයුතු කළේය.

මේ අතර කොවිඩ් ව්‍යාප්තිය යළි ඉහළ යමින් ඇති උත්තර් ප්‍රාන්තයටත් සති අන්තයේ ලොක්ඩවුන් සීමා පනවා තිබේ.

Related posts

‘ඩෙබී’ ක්වීන්ස්ලන්තයට (වීඩියෝ)

Mohamed Dilsad

කොරෝනා වෛරසයේ ආයු කාලය පිළිබඳ හෙළිදරව්වක්

Mohamed Dilsad

ගැම්බියානු හිටපු ජනපතිට මුල්‍ය වංචා චෝදනා

Mohamed Dilsad

Leave a Comment