කලා

සේදුපති රඟන පළමු Web Series රූගත කිරීම් ඇරඹෙයි

(UTV | ඉන්දියාව) – Vijay Sethupathi සිනමා නළුවෙක් විදිහට මොන තරම් සාර්ථක වුණත්, මෙතරම් කාලෙකට ඔහු Web Series පැත්තට එකතු වෙලා හිටියේ නැහැ. ඉතින් Vijay Sethupathi මේ පාර අලුත් පිම්මක් පැනලා තමන්ගේ පළවෙනි වෙබ් කතාමාලාවට සූදානම් වෙන බවක් ආරංචි වෙනවා. සිනමා නළුවෙක් විදිහට දැවැන්ත සාර්ථකත්වයක් ලබාගෙන ඉන්න සේදුපතිට මේ නිර්මාණය තුළිනුත් වෙනස්ම රංගනයක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙන බව නම් සහතිකයි.

Raj Nidimoru සහ Krishna D.K. අධ්‍යක්ෂණය කරන නවතම වෙබ් කතා මාලාවට තමයි Vijay Sethupathi මේ අයුරින් ගිවිසුම්ගත වෙලා ඉන්නේ. Raj Nidimoru, Krishna D.K. කියනවට වඩා Raj & DK කිව්වොත් ඔබ මේ අධ්‍යක්ෂකවරු දෙපළව අඳුරගන්න තියෙන සම්භාවිතාව වැඩියි. මෑතකාලයේ බොහෝ කතාබහට ලක් වුණු The Family Man ඉන්දීය වෙබ් කතාමාලාවේ අධ්‍යක්ෂක, නිෂ්පාදක හා තිරපිටපත් රචකයින් වුණෙත් Raj & DKයි. දැනට දැන ගන්නට ලැබෙන ආරංචිවල විදිහට මේ Web Series එක නම් කරලා තියෙන්නේ Sunny කියලයි. හැබැයි තවමත් ඒ ගැන නිල තොරතුරක් දැනුම් දීලා නැහැ. ඇතමුන් පවසන විදිහට විජේ මේ නිර්මාණයේ රඟ දක්වන්නේ නීතිඥවරයෙකුගේ චරිතයක්ලු. ප්‍රධාන චරිත ද්විත්වය එක්ක ලොකු සම්බන්ධකමක් තියෙන රෝල් එකක්ලු.

කොහොම නමුත්, Sethupathiට අමතරව මෙහි අනෙත් ප්‍රධාන චරිත ද්විත්වයට එකතු වෙලා ඉන්නේ Shahid Kapoor සහ Raashi Khanna. සේතුපතිගේ රූගත කිරීම් මේ වනවිටත් ඇරඹිලා ඉවරයි. Sangatamizhan, Tughlaq Durbar සිනමාපටයන්ට පස්සේ සේදුපති සහ රාශි ඛන්නා එකට වැඩ කරන තුන්වෙනි අවස්ථාව තමයි මේ. Sethupathi සමඟින් ගත් සෙල්ෆි ඡායාරූපයක් එක්ක Raashi Khanna, තමන්ගේ Twitter ගිණුමට මෙහෙම සටහනක් එකතු කරලා තියෙනවා.

Related posts

ලෝක ප්‍රසිද්ධ Arrow, The Flash නළුවාටත් කොරෝනා

Mohamed Dilsad

නෙහාරා පීරිස් චුටි දෝනිගේ පළමු ලෝක ළමා දිනය සැමරූ හැටි

Mohamed Dilsad

මෙරට ප්‍රථම නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය විවෘත වෙයි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment