දේශීය

ආහාර ද්‍රව්‍ය කිහිපයක් මත විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක්

(UTV | කොළඹ) – විශේෂ වෙළෙඳ භාණ්ඩ මත බදු පනවමින් සහ මීට පෙර නිකුත්කර තිබූ ගැසට් නිවේදන අවලංගු කරමින් නව අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

හාල්මැස්සන්, කරවල, වෙඬරු, කිරිවලින් නිපදවූ තැවරුම්, උළුහාල් ඇට, කුරක්කන් පිටි, අබ ඇට, මේස ලුණු ආදිය මෙම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දට යටත් කර ඇත.

මුදල් අමාත්‍යවරයා විසින් මෙම අති විශෙෂ ගැසට් නිවේදනය නිකුත්කර තිබේ.

අගෝස්තු මස 12 වනදා සිට වසරක කාලයක් සඳහා මෙම බදු නියෝග ක්‍රියාත්මක බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය.

 

Related posts

ගෘහාශ්‍රිතව ජීවත්වන සතුන්ගේ ජෛව සාම්පල පරීක්ෂාවට

Mohamed Dilsad

බස්නාහිර පළාතේ තවදුරටත් වැටලීම්

Mohamed Dilsad

ජීවිත හතකට පණ දී විහඟනා සඳහටම නික්ම යයි

Mohamed Dilsad

Leave a Comment