දේශීය

අද සිට ඇඳිරි නීතිය පැනවෙන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිරෝධායන නියෝග රැසක් අද (16) දිනයේ සිට ක්‍රියාත්මකවීමට නියමිතව ඇති බව පොලීසිය ජනතාවට දැනුම්දෙයි.

ඒ අනුව අද දිනයේ සිට මහජනතාව ඒකරාශී වන කිසිදු උත්සවයක්, වැඩමුළු වැනි අවස්ථා පැවත්වීමට හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතර අද (16) දින රාත්‍රී 10 සිට හෙට (17) අලුයම 4 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මකය.

එය අද සිට නැවත දැනුම්දෙන තුරු සෑම දිනකම ක්‍රියාත්මක වේ.

එම කාලපරිච්චේදය තුළ මාර්ගවල ගමන් කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවාවල සාමාජිකයින්ට හා ඊට අදාළ වාහන සඳහා පමණි.

Related posts

අද A-9 සහ A-6 ප්‍රධාන මාර්ගවලත් විරෝධතා

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත්වන දිනය

Mohamed Dilsad

ස්පුට්නික් එන්නත් තොගයක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment