දේශීය

‘නීති විරෝධිව ගබඩා කර ඇති වී රාජසන්තක කරනවා’

(UTV | කොළඹ) –  අඩු මිලට වී මිලදීගෙන නීතිවිරෝධී ලෙස ගබඩා කර ඇති සියලුම වී තොග රාජ සන්තක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (1)පැවසීය.

නීතිවිරෝධීව ගබඩා කර තිබෙන සීනි තොග ද රජයට පවරාගෙන කිලෝව රුපියල් 130ට දීමට පියවර ගෙන ඇති අයුරින් ම නීති විරෝධී ලෙස ගබඩා කරගෙන සිටින සහල් තොග වටලා හාල් කිලෝව රුපියල් 97 බැගින් ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘති රැසක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙි බව කීය.

කාබනික කෘමිනාශක, දිලීරනාශක සහ වල්නාශක මෙන්ම කාබනික පොහොර ආනයනය කිරීමට පෞද්ගලික වෙළඳුන්ට අවස්ථාව ලබාදී ඇති බැවින් එවැනි ඒවායේ හිඟයක් ඇති නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

ශ්‍රී ලංකාව චීනයෙන් තවත් ඩොලර් බිලියන දෙකහාමාරක ණයක් ඉල්ලයි

Mohamed Dilsad

වැසි තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

“පොල්තෙල් හිගයක් මවාපාමින් මිල විකෘතියකට බහුජාතික සමාගම් සූදානම්”

Mohamed Dilsad

Leave a Comment