දේශීය

රවීණ සංගීතඥ ජිප්සීස් නායක සුනිල් පෙරේරා දිවි ගමනට සමුදෙයි

(UTV | කොළඹ) – ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ විප්ලවයක් ඇති කළ සංගීතඥයෙකු ලෙස සැලකෙන සුනිල් පෙරේරා මියයන විට 68 වන වියේ පසු වුණා.

කොරෝනා ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ ඔහු මීට දින කිහිපයකට පෙර ඉන් සුවය ලබා සිය නිවස වෙත පැමිණියා.

කෙසේ නමුත්, පෙනහලුවල යළි මතු වූ ආසාත්මිකතාවක් හේතුවෙන් ඔහු මීට දින 03කට පෙර යළි රෝහල්ගත කෙරුණා.

අසනීප තත්ත්වය උග්‍රවීම හේතුවෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු සුනිල් පෙරේරා අද අලුයම් කාලයේ අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ සාමාජිකයින් සඳහන් කළේ.

ඔහුගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ නිව්මෝනියා රෝගී තත්ත්වය යි.

Related posts

මුඛ ආවරණ පැළඳ නොසිටි පිරිසක් නිරෝධායනයට

Mohamed Dilsad

දිවයිනේ සියලුම පාසල් නොවැම්බර් මස 08 වන දින ඇරඹේ

Mohamed Dilsad

ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමට තිබූ තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment