දේශීය

තවත් පුද්ගලයින් 290,615 කට කොවිඩ් එන්නත

(UTV | කොළඹ) – තවත් පුද්ගලයින් දෙලක්ෂ අනූ දහස් හයසිය පහලොස් දෙනෙකුට ඊයේ (10) දිනයේදී කොවිඩ් මර්දන එන්නතේ පළමු සහ දෙවන මාත්‍රා ලබා දී තිබෙනවා.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 5690 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව 1247 දෙනෙකුටත් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව අසූ පන්දහස් හත්සිය අසූ හතර දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව එක්ලක්ෂ හැටනවදහස් පන්සිය අනූ එක් දෙනෙකුටත් ඊයේ දිනයේදී එන්නත් කර ඇති බවයි දෛනික එන්නත්කරණ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.

ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව දහතුන්දහස් අටසිය අනූ එක්දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව 314 දෙනෙකුටත් ඊයේ ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 165 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව දහතුන්දහස් නවසිය තිස් තුන්දෙනෙකුටත් ඊයේ එන්නත් කර තිබෙනවා.

මේ අනුව මාත්‍රා දෙකම ලබාදීමෙන් මෙරටතුල මේ දක්වා පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි හාරලක්ෂ හයදහස් හතලිස් අට දක්වා ඉහළ යනු ඇති.

Related posts

ප්‍රතිකාර ලබමින් සිටි කළු කොටියා මිය යයි

Mohamed Dilsad

අධික ශබ්දයෙන් නලා නාද කරන රියදුරන්ට නීතිය දැඩිවෙයි

Mohamed Dilsad

හිටපු ජනපති පාස්කු කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment