දේශීය

පළාත් කිහිපයකට වැසි

(UTV | කොළඹ) – බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට පස්වරු 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මේ අතර, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වූ මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 40 ත් 50 ත් දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Related posts

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලිමක්

Mohamed Dilsad

කේරළ ගංජා කිලෝ 52 ක් සහ කහ කිලෝ 920 ක් STF අත්අඩංගුවට

Mohamed Dilsad

විදුර වික්‍රමනායකව අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

Mohamed Dilsad

Leave a Comment