දේශීය

කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – වී හැර අනෙකුත් බෝග වගා කරන ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කර ලබාදීමට රජයේ පොහොර සමාගම් දෙකට අවසර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගිය මැයි මස තීරණය කෙරුණේ, වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර රජයේ පොහොර සමාගම් දෙක විසින් ද අනෙකුත් බෝග සඳහා අවශ්‍ය කාබනික පොහොර බලපත්‍රලාභී පොහොර සමාගම් හරහා ආනයනය කිරීමටයි.

කෙසේ වෙතත් අනෙකුත් බෝග සඳහා අවශ්‍ය කාබනික පොහොර තොග ප්‍රමාදයකින් තොර ව තරගකාරී මිල ගණන් යටතේ සැපයීම සඳහා යි ඒවා ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් දෙකට ද අවසර ලබාදීමට කටයුතු කර ඇත්තේ.

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ග විවෘත කෙරේ

Mohamed Dilsad

2021 උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පවත්වන දිනයන් ප්‍රකාශයට පත්කෙරේ

Mohamed Dilsad

හිටපු රාජ්‍ය අමාත්‍ය රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහලට

Editor O

Leave a Comment