දේශීය

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විවෘත වෙන දිනය

(UTV | කොළඹ) – පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල හා සියලුම පළාත් කාර්යාලවල සේවාවන් ඔක්තෝබර් 04 වනදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කෙසේ නමුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව තවදුරටත් ක්‍රියාත්මක නොවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ.

ඒ අනුව ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා වන ඉල්ලුම්පත්, ග්‍රාම නිලධාරීන් මඟින් සහතික කළ පසු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය වෙත භාර දිය යුතු වනවා.

Related posts

කන්දකාඩුවලින් පැනගිය රැඳවියන් පිරිසක් කොටුවෙයි

Mohamed Dilsad

ලක්ෂයක අල්ලසක් ගත් ගොවිජන සේවා නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

හිටපු ඇමති මනූෂගේ ලේකම්ට ඇප

Editor O

Leave a Comment